Monday, June 13, 2011

Arsenic in Pesticides

ආසනික් ඇති පළිබෝධ නාශක බෙදා හැරීම අත්හිටුවීමට පියවර

මාරාන්තික විෂ සහිත ආසනික් නමැති රසායනික ද්‍රව්‍ය ඇතැයි හඳුනාගෙන ඇති පළිබෝධ නාශක බෙදා හැරීම වහාම අත්හිටුවන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.
මෙරට භාවිතා කරනු ලබන පළිබෝධ නාශකවල ආසනික් රසායනික ද්‍රව්‍ය අඩංගුතාව පිළිබඳව කඩිනම් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව පළිබෝධ නාශක 28 ක් පිළිබඳව පරික්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ආසනික් අඩංගු පළිබෝධ නාශක තිබෙන බවට පරීක්ෂණවලින් ඔප්පු වුණහොත් එම පළිබෝධ නාශක පාවිච්චිය හා බෙදා හැරීම වහාම තහනම් කරන බවද හෙතෙම කීවේය.
ආසනික් තිබේදැයි සොයා බැලීමට සිදුකළ පරීක්ෂණ වාර්තාව ඇමැතිවරයා වෙත පරීක්ෂණ කමිටුව විසින් අද(13) බාරදීමට නියමිතය.

No comments:

Post a Comment