කඹුරුපිටිය සමූහ - කේ. ඒ. ඩී. සිල්වා
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරලපනාතර රමණීයගොඩැල්ලේ කිසිඳු ඵල ප්‍රයෝජනයක් නොමැතිව පවතින අක්කර 12ක් පමණවූ පයිනස් වගාවෙන් පරිසරයට ඉමහත් හානි සිදු වී ඇති බැව් ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගොවියකු හා ලේඛකයකු වන එස්. කර්නප්පුලි මහතා 1973 පමණ මේ පයිනස් වගාව ආරම්භ කර තියෙන්නේ මේ වගාවට පෙර කැලෑව මැදින් ගලා ආ ස්වභාවික ජල උල්පත් වලින් ඒ අවට කුඹුරු හා ගෙවතු සරු සාර ක
ර ගත්තා. එහෙත් අද මේ ස්වභාවික ජල උල්පත් සිඳී ගිහින්. පිරී ඉතිරී ගිය ළිංවල ජලය අද සිඳී ගිහින් ප්‍රදේශයේ කුඹූරු අක්කර 10කට පමණ නිසි අයුරු වගා කරන්න ජලය ලැබෙන්නේ නෑ.
වෙනත් ප්‍රදේශවල පයිනස් වගාවෙන් කිරි කපා ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මෙම පයිනස් වගාවෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේ වගාව ඉවත් කර වෙනත් වන වගාවක් සිදුකළ යුතුයි. අද සිදුවී ඇත්තේ කුඹුරු වැඩ කර ගන්න බැරි තත්ත්වයක්. වැස්සොත් පමණයි කුඹුරු වැඩ කරගත හැකි වන්නේ.
වගාකරුවකු වන එච්. එල්. ජිනදාස මහතා පයිනස් වගාව නිසා අපට සිදුවී ඇත්තේ විපතක්. ජල උල්පත් සිදීයාම නිසා කුඹුරු අක්කර 3කට වැඩි ප්‍රමාණයක් හැම කන්නයකම වගා කිරීමට නොහැකිව පවතිනවා. ප්‍රදේශයේ වියළි භාවය තුරන් කරන්න පයිනස් වගාව ඉවත් කර වෙනත් වගාවක් කළ යුතුයි.
http://www.dinamina.lk/2011/10/31/_art.asp?fn=r1110311
No comments:
Post a Comment