Tuesday, October 25, 2011

දිවයින පුරා පිහිටි පොල්තෙල් අලෙවි කිරීමේ මධ්‍යස්‌ථාන දැඩි පරීක්‍ෂාවට

ලසිත දුමින්ද

දිවයිනේ සියලුම පොල්තෙල් අලෙවි කිරීමේ මධ්‍යස්‌ථාන දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

පිරිසිදු පොල්තෙල් වෙනුවට පාරිභෝගිකයන් හට බාල පොල්තෙල් අලෙවි කිරීම පිළිබඳව ලැබුණු තොරතුරු මත ඇමැති ජගත් පුෂ්පකුමාර මහතාගේ උපදෙස්‌ මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ මෙහෙයවීමෙන් එම අධිකාරියේ වැටලීම් ඒකකය මෙසේ පොල්තෙල් අලෙවි කිරීමේ මධ්‍යස්‌ථාන පරීක්‍ෂා කිරීම් ඊයේ (24 වැනිදා) සිට අරඹා ඇත.

අතරමැදි පාර්ශ්වයන් විසින් සිදුකරන මෙම කූට ව්‍යාපාරය හේතුවෙන් පොල්තෙල් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම වැටලීම් සිදුකරන බව ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.

පිරිසිදු පොල්තෙල් වෙනුවට බාල පොල්තෙල් අලෙවි කරන්නන් හට දැඩි දඬුවම් ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

http://www.divaina.com/2011/10/25/news15.html

No comments:

Post a Comment