වැලිගම - රන්ජන් ගාමිණී ජයවර්ධන
මාතර දිස්‌ත්‍රික්‌කයේ විශාලතම මැතිවරණ කොට්‌ඨාසය වැලිගම වන අතර එහි ජීවත් වන පවුල් 33,300 අතරින් පවුල් 29,000 කටම වැලිගම පොලිසියේ පරිසර අංශය විසින් ඩෙංගු මර්දන රතු පත්‍රිකාව ලබාදී ඇතැයි වාර්තා වෙයි.
ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය වැලිගම පදිංචි සමස්‌ත පවුල් සංඛ්‍යාවෙන් 90% කට ආසන්න ප්‍රමාණයකි. මුද්‍රණය කළ රතු පත්‍රිකා සියල්ල අවසන් බැවින් තවත් රතු පත්‍රිකා මුද්‍රණයට ඇනවුම් කොට ඇතැයිද වැලිගම මූලස්‌ථාන පොලිස් ස්‌ථානාධිපති මහේෂ් මෙලන් කුමාරසිංහ මහතා පැවසීය.
පරිසර අංශ පොලිස් ස්‌ථානාධිපති නිශාන්ත ගුණවර්ධන මහතා - වැලිගම මහජන සෞඛ්‍ය අංශ නිලධාරීන් ඩෙංගු මර්දන නිලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධව ගෙයින් ගෙට ගොස් සතියක් මුළුල්ලේ සිදු කළ මෙහෙයුමකින් පසුව මෙම රතු පත්‍රිකාව නිකුත් කිරීමට සිදුවන නිවෙස් තෝරා ගෙන ඇති අතර එම කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයන් සහ ඇතැම් අවස්‌ථාවලදී මිරිස්‌ස වෙරළාරක්‍ෂක හමුදා මූලස්‌ථාන නිලධාරීන්ගේ සහායද ලැබී ඇත.
වැලිගම ප්‍රදේශයේ වැඩිහිටියන් පවසන්නේ මැතිවරණ කොට්‌ඨාසයේ නිවාසවලින් 90% කට ඩෙංගු මර්දන රතු පත්‍රිකාව ලබාදීම වාර්තාවක් විය හැකි බැවින් වහාම මේ පිළිබඳව ජාතික මට්‌ටමේ බලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඊට හේතු සහ පිළියම් ලබා දියයුතු බවයි.
http://www.divaina.com/2011/10/21/provin.html
No comments:
Post a Comment