රෝෂන් තුෂාර
කහ ඉරි නොමැති ස්ථානවලින් පාර මාරුවන මගීන් දැනුවත් කිරීමට පන්ති පවත්වන්නැයි රථවාහන පොලිසියට කොළඹ රථවාහන අධිකරණය ඊයේ (19) නියෝග කෙළේය.
එම පන්තිවලට සහභාගී නොවන්නන් පමණක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය දැනුම් දුන්නේ ය.
කහ ඉරි නොතකා පාර මාරු වූ මගීන් 80 දෙනකු රථ වාහන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ නියෝගය කෙරිණි.
මගීන් විශාල පිරිසක් එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අධිකරණ කටයුතුවලට බාධා වන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් ජෙයරාම් ටොට්ස්කි මහතා රථ වාහන පොලිසිය මීට පෙර අනුගමනය කළ පරිදි පන්ති පවත්වන ලෙස දන්වා සිටියේ ය.
මාර්ග නීති කඩ කරමින් රථ වාහන ධාවනයට බාධා කරන පුද්ගලයින් දැනුවත් කිරීමට රථ වාහන පොලිසිය මීට ඉහත දී පන්ති පැවැත්වූ බවත්, එම ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
පන්ති පැවැත්වීම යළි ක්‍රියාත්මක කරන ලෙස දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයින්ට රුපියල් සියය බැගින් දඩ නියම කළේ ය.
කොළඹ රථවාහන පොලිසිය හා මෝදර පොලිසිය මගින් මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කළේය.
http://www.dinamina.lk/2011/10/20/_art.asp?fn=n11102013
No comments:
Post a Comment