Saturday, October 22, 2011

ධීවර ප්‍රජාවට අලුත් ආදායම් මාර්ග

බුද්ධිකා ඉඹුලාන

ධීවර ප්‍රජාව ධීවර ක්ෂේත්‍රයේ ආදායම් උපයන නව අංශ වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇත. ධීවර ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මුහුදු ශාඛ සහ බෙල්ලන් වගාව සිදුකරනු ලබයි.

මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස උතුරු - නැඟෙනහිර මුහුදු තීරය ආශ්‍රිතව මුහුදු ශාඛ වගාව අරඹා ඇති අතර ඉදිරි කාලයේ දී අනෙකුත් ප්‍රදේශවල මෙම වැඩසටහන ව්‍යාප්ත කරන බවද එම අමාත්‍යාංශය කියයි. මෙම අස්වැන්න, අපනයනය තුළින් විදේශ විනිමය විශාල ලෙස උපයා ගැනීමටද වැඩපිළිවෙළක් ධීවර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. මෙමඟින් නව ස්වයං රැකියා 20,000 ක් පමණ උත්පාදනය කිරීමටද ධීවර ඇමැතිවරයා බලාපොරොත්තුªª වෙයි.

http://www.dinamina.lk/2011/10/22/_art.asp?fn=n11102212

No comments:

Post a Comment