Saturday, October 22, 2011

ප්‍රධාන මාර්ගවලට අධි සුඛෝපභෝගී ලංගම බස්්

ශීලා උඩුවර

කොළඹට ඇතුළුවන තෝරාගත් ප්‍රධාන මාර්ග 5ක් සඳහා ලබන ජනවාරි මාසයේ සිට අධි සුඛෝපභෝගි බස් රථ 25 ක් යොදවන බව ශ්‍රී ලංගම සභාපති ඇම්. ඩී. බන්දුසේන මහතා පැවැසීය.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා කීය. මෙම බස් රථ යෙදවීමට ගාලු පාර, හයිලෙවල් පාර, නුවර පාර, ජයවර්ධනපුර මාවත හා මීගමු පාර යන ප්‍රධාන මාර්ග හඳුනාගෙන තිබේ. මෙවැනි සේවාවක් දැනට මොරටුව මාර්ගයේ ධාවනය වේ.
http://www.dinamina.lk/2011/10/22/_art.asp?fn=n11102211

No comments:

Post a Comment