Monday, October 31, 2011

පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල නගී

චමින්ද සිල්වා

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද පෙරේදා (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්‌ථාව විසින් වැඩිකර තිබේ.

ඒ අනුව ඔක්‌ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 ක්‌ වෙයි. ඔක්‌ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 කි. සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රුපියල් 84 ක්‌ ලෙසද, සුපර් ඩීෂල් ලීටරයක නව මිල රුපියල් 106 ශත 30 ක්‌ ලෙස ද වැඩිවී ඇත.

රුපියල් 61 ක්‌ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 71 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ද පෙට්‍රල් ලීටරයක්‌ රුපියල් 12 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. එම සමාගම විසින් පෙරේදා (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක්‌ රුපියල් 2.00 කින් ඉහළ දමා ඇත.

http://www.divaina.com/2011/10/31/news04.html

No comments:

Post a Comment