කරුණාරත්න ගමගේ
අලි ගම්වැදී පෙරේදා (16 දා) දින රාත්‍රියේත් මනම්පිටිය ප්‍රදේශයේ නිවාස 03 කට පහරදී අලාභ හානි සිදු කොට ඇත.
මනම්පිටිය දුම්රියපොළ ඉදිරිපිට පිහිටි රුපියල් ලක්‌ෂ 15 ක් පමණ වටිනා නිවසක් අලියකු විසින් පහරදී බිමට සමතලා කොට තිබේ.
පෙරේදා (16 දා) පස්‌වරු 6.45 ට පමණ මෙම විනාශය සිදු කොට ඇති අතර එම අවස්‌ථාවේ නිවැසියන් එහි නොසිටි හෙයින් ජීවිත හානි සිදුවී නැත.
මේ අතර පෙරේදා (16 දා) රාත්‍රියේ මනම්පිටිය, මාගංතොට ප්‍රදේශයේ නිවෙස් දෙකකටද අලින් විසින් හානි සිදුකර තිබේ.
මෙම ප්‍රදේශවල දිනෙන් දින උග්‍රවන අලි තර්ජන නිසා ගම්වාසීහු දැඩි බියකින් පසුවෙති.
අලි තර්ජන මැඬලීම සඳහා අදාළ බලධාරීන් පියවර නොගතහොත් ගම්හැර දමා යන්නට සිදුවන බව එම ජනතාව පෙන්වා දෙති.
ජල ගැලුම්නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මනම්පිටිය ප්‍රදේශයේ වැලිගොඩ දැමීම් සහ ගඩොල් කැපීම් වැනි නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාම නිසා මෙසේ අලි ගම්වදින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
http://www.divaina.com/2011/10/18/provin03.html
No comments:
Post a Comment