Friday, October 28, 2011

ඉන්ධන මිල ඉහළ යන ලකුණු!

ශිරාන් රණසිංහ

පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථා උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය. මේ වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් දෙකක පාඩුවක්‌ද, ඩීසල් ලීටරයකින් රුපියල් විසිහතක්‌ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් තිස්‌නවයක්‌ ද වශයෙන් සංස්‌ථාවට පාඩු සිදුවන අතර මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත්තේ සංස්‌ථාව ලබන පාඩුව දිනෙන් දින වැඩිවන නිසා යෑයි ද හෙතෙම කීවේය.

මීට අමතරව විදුලිබල නිෂ්පාදනය සඳහා ගැනෙන අඩු සල්ෆර් තෙල් හා ඩීසල් ද රුපියල් 76 ක සහනාධාර මිලකට සැපයීමට සංස්‌ථාවට සිදුව තිබීමද අමතරව පාඩු ගෙන දෙන්නක්‌ වී ඇතැයි එම නිලධාරියා කීවේය.

පෙට්‍රල් ලීටරයක ආනයන වියදම රුපියල් 127 ක්‌ වන අතර වෙළෙඳපොළේ විකුණන්නේ රුපියල් 125 කටය.

ඩීසල් ලීටරයක ආනයන වියදම රුපියල් 10 දා ක්‌ වුවද විකුණන්නේ 76 කටය. භූමිතෙල් ලීටරයක ආනයන වියදම රුපියල් 100 ක්‌ වුවද ලීටරයක්‌ විකුණන්නේ 61 කටය. මේ නිසා ඉන්ධන ගාස්‌තු සංශෝධනයක්‌ කළ යුතු බවට තෙල් සංස්‌ථාව රජයට දන්වා ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2011/10/28/news03.html

No comments:

Post a Comment