Wednesday, October 26, 2011

විල්පත්තුව දෙකඩ කරමින් අඩි 20 ක පාරක්‌ කපයි

- ප්‍රබල ඇමැතිවරයකුගේ ආධාරකරුවන්ට ඉඩම් දෙන්න
- සමහරු දැනටමත් ඉඩම් එළිපෙහෙළිය පටන් අරන්


සාලියවැව - සුබසිංහ බණ්‌ඩාර

විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ඇති ආරක්‍ෂිත කලාපයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ආධාරකරුවන්ට වගා කිරීමට හැකිවන පරිදි එම ප්‍රමාණය වෙන් කරමින් අඩි 20 ක මාර්ගයක්‌ ඉදිකරමින් පවතින බව වනජීවී කාර්යල ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

කිලෝ මීටරයක පමණ පළලින් යුත් මෙම ආරක්‍ෂිත කලාපය දැනටමත් යම් යම් පිරිස්‌ ගස්‌ කපා දමා හෙළි පෙහෙළි කරමින් පවතින බවද වාර්තා වේ.

වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සිට දකුණට කිලෝ මීටර් 20 ක්‌ද උතුරු දෙසට කිලෝ මීටර් 75 කද දුරක්‌ වන ලෙස මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.

ප්‍රධාන දොරටුවේ සිට දකුණට හුණුවිලගම, මුණසිංහගම, පිඹුරැල්ලේගම, කටුපත්වැව, කබරගොයා වැව හා කිරිමැටියාව යන ප්‍රදේශ අයත් වන අතර උතුරු දෙසට කපන මාර්ගයට ඇහැටුවාගම කුඩා වැව, කුකුල්කඩුව, ඊමිටිකුලම, ඇලපත්ගම, කදුරුපිටිය, දුනුමඩලවැව, මහවිලච්චිය හා තන්තිරිමලේ දක්‌වා වූ ප්‍රදේශ අයත්වේ.

මෙම මාර්ගය කපා නිම කිරීමෙන් පසු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු හා දකුණ ප්‍රදේශවල විදුලි වැටක්‌ද ඉදිකිරීමට නියමිතය. වනෝද්‍යානයේ බටහිර ප්‍රදේශය කලාඔය, මුහුද හා මෝදගංආරු ඔයට මායිම්ව තිබෙන අතර එමනිසා එහි සැලකිය යුතු ආරක්‍ෂාවක්‌ තිබෙන බවද වනජීවී අංශ වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2011/10/26/news33.html

No comments:

Post a Comment