ලුනම සමූහ සනත් ගමගේ
දේශීය මුංඇට ගොවීන් රැක ගැනීමේ අරමුණෙන් මුංඇට ආනයනය කිරීමේ දී සියයට තිහක අතිරේක බද්දක් පැනවීමට රජය ඊයේ (17) තීරණය කළේය.
වසරකට මුංඇට මෙට්රික් ටොන් 14000ක් ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. මීට අමතරව ආනයනය කරනු ලබන උඳු සඳහා සියයට අනූවක ද, කව්පි සඳහා සියයට හැත්තෑපහක ද, කුරක්කන් සඳහා සියයට තිහක ද, අතිරේක ආනයනික බද්දක් ඊයේ (17) සිට පැනවූ බව ද කෘෂිකර්ම ඇමැතිවරයා පැවැසීය.
හම්බන්තොට ලුණුගම්වෙහෙර බෙරලිහෙල පැවැති අතරමැදි කන්නයේ මුං අස්වනු නෙළීමේ මංගල්‍යයට එක් වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2011/10/18/_art.asp?fn=n1110185
No comments:
Post a Comment