“පුර නැඟුම” පළාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 59 ක ආධාරයක් ලබා දීමට අදාළ ගිවිසුම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික නියෝජිත රීටා ඕ සුලිවන් මහත්මිය ඊට අස්සන් කළ අයුරු.
“පුර නැඟුම” පළාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 59 ක (රුපියල් මිලියන 6490) මූල්‍යාධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟත්වය පළකර ඇත.
ඊට අදාළ ගිවිසුමට අස්සන් කිරීම මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික නියෝජිත රීටා ඕ සුලිවන් මහත්මිය ඒ සඳහා අත්සන් කළහ.
ප්‍රාදේශීය සභා මඟින් සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ඉටු කිරීමට හැකිවන පරිදි එම ආයතන යටතේ පාලනය වන යටිතල පහසුකම් ක්ෂේත්‍ර වැඩි දියුණු කිරීම, වරිපනම් ඇතුළු අනෙකුත් බදු අය කිරීමේ හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සරල කිරීම සහ ඒවා අනුමත කිරීමේ ක්‍රම වේදය වඩාත් විනිවිද භාවයකින් ඉටු කිරීමට හැකි වන පරිදි ප්‍රාදේශීය සභාවන්හි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම, එම ආයතන කලමනාකරණය හා පරිපාලනය මේ වැඩ සටහනින් සිදු කෙරෙන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.
මේ වැඩසටහනේ සමස්ත ආයෝජන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 68.77 ක් (රුපියල් මිලියන 7564) වන අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන ආධාරයට අමතරව ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 9.77 ක (රුපියල් මිලියන 1074) මුදලක් වෙන් කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක කරන පුර නැඟුම පළාත් පාලන ආයතන වැඩි දියුණු කිරීමේ වැඩසටහන ලබන 2015 ජූනි මස 30 දායින් අවසන් කිරීමට යෝජිත බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එක් එක් පළාත් පාලන කොමසාරිස් කාර්යාලයන්හි ස්ථාපිත කරන උප ව්‍යාපෘති සම්බන්ධීකරණ ඒකක මඟින් ක්‍රියාවට නංවන බවත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කියයි.
http://www.dinamina.lk/2011/10/25/_art.asp?fn=n1110255
No comments:
Post a Comment