මාතලේ විශේෂ
මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ජල පෝෂිත කලාපවල දැව කැපීම ඊයේ (17 දා) සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මාතලේ දිස්‌ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව විසින් තීරණය කර තිබේ.
ප්‍රදේශයේ සිදුකෙරෙන වන සංහාරය නිසා ජල පෝෂිත කලාප සිඳී නුදුරේදී උග්‍ර ජල හිගයක් ඇති වීමේ අවදානමක් ඇති වන බවට කමිටුවට සහභාගි වූ දේශපාලනඥයෝ අනතුරු ඇඟවූහ.
බලපත්‍ර නොමැතිව කැපීමට අවසර ඇති ගස් කපා ප්‍රවාහන සඳහා අවසර ඉල්ලීම ඉහළ ගොස් අති බවද මෙහිදී අනාවරණය විය. වන වගා කිරීම සඳහා ආයෝජන මණ්‌ඩලයේ ව්‍යාපෘති වාර්තා අනුමත කරගනිමින් දැව සංහාරය සිදුවන බව වැඩබලන උසස් අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මාතලේ දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරුන් වන මධ්‍යම පළාත් සභා ඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා කමිටු ලේකම්/දිස්‌ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්‌මුල්ල යන මහත්ම මහත්මීන්ගේ සහ කමිටුවේ තීරණය මත මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ජල පෝෂිත ප්‍රදේශවල දැව කැපීමේ තහනම ප්‍රකාශයට පත් කෙරිණි.
http://www.divaina.com/2011/10/18/provin04.html
No comments:
Post a Comment