Wednesday, October 26, 2011

කෑගල්ල බන්ධනාගාරයේ මලඅපද්‍රව්‍ය ඇළ මාර්ගයට වැටී බරපතළ පරිසර හානි

පත්මසේකර නිශ්ශංක – රඹුක්කන සමූහ

කෑගල්ල බන්ධනාගාරයේ මල නළ පිටාර ගැලීම නිසා කෑගල්ල නගරාසන්න ජනපදයකට පාරිසරික ගැටලු මතුවෙමින් පවතී.කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියන් හාරසීයකට අධික පිරිසකට භාවිතා කිරීම සඳහා මීට වසර ගණනාවකට පෙර ඉදිකරන ලද වැසිකිළි පද්ධතියේ ගලිවල පිරී උතුරා යෑම නිසා මෙහි මලපහ සියල්ලක්ම වැසිකිළි පද්ධතියට සවිකර ඇති ජලවහන නළ පද්ධතිය මගින් ගලා යන ඇළකට වැටීම නිසා, එම ඇළ භාවිතාකරන ප්‍රදේශවාසීන්ට මේ වන විට එම ජලය වගා කටයුත්තකට හෝ වෙනත් කිසිම අවශ්‍යතාවකට භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

කෑගල්ල බන්ධනාගාරය

මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බන්ධනාගාරයේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත්, මෙම වැසිකිළි පද්ධතිය සඳහා නව ගලි වළක් ඉදිකිරීමට දැඩි අවශ්‍යතාවක් තිබුණත්, බන්ධනාගාර පරිශ්‍රයේ අවශ්‍ය ඉඩ පහසුකම් නොමැති හෙයින් නව ගලි වළක් ඉදිකිරීම බරපතළ ගැටලුවක්ව පවතී. මේ පිළිබඳව කෑගල්ල බන්ධනාගාරය විසින් බන්ධනාගාර කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාව ද දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබේ.

කෙසේ නමුත් මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අවධාරණය කර සිටින්නේ, කෑගල්ල බන්ධනාගාර පරිශ්‍රයේ දැනට ඉදිකර ඇති ගලිවළ ප්‍රතිසංස්කරණයක් කිරීමත් අසීරු කාර්යයක් වී ඇත්තේ මෙම වළ ඉදිකර ඇති ප්‍රදේශයට ගලි රථයක්වත් යෑමට නොහැකි වීම බරපතළ ගැටලුවක් වී ඇති නිසාය. 2003 වර්ෂයේ දී ඉදිකළ මෙම වැසිකිළි වළ මේ වනතෙක් පවිත්‍ර කිරීමක් සිදුකර නැති නිසා වැසිකිළි වළවල් ඉතිරී යාම නොවැළැක්විය හැකි කරුණක්ව පවතී.

http://www.dinamina.lk/2011/10/26/_art.asp?fn=r1110266

No comments:

Post a Comment