Saturday, October 29, 2011

බියගම වසාදැමූ ඇඟලුම් කම්හලේ සේවකයන් 550කට වන්දි ගෙවීමට සාකච්ඡා

අනුර ප්‍රේමලාල්

බියගම වෙළෙඳ කලාපයේ වසා දමන ලද ඇඟළුම් කම්හලේ සේවකයන් 550 කගේ වන්දි මුදල් ගෙවීම සඳහා සාකච්ඡාවක් ලබන සතියේ දිනෙක පැවැත්වෙන බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බියගම වෙළෙඳකලාපයේ පිහිටි රන්මලු පැෂන් සමාගමට අයත් එක් කම්හලක් මෙසේ වසා දැමීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් පැවැති මුල් සාකච්ඡාවේදී සේවකයින්ගේ අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් හා පාරිතෝෂික දීමනා ආයතනය ගෙවීමට එකඟවී තිබේ.

එහෙත් සේවකයන් තම සේවා කාලය වෙනුවෙන් වන්දි මුදලක් ද මීට අමතරව බලාපොරොත්තු වන බැවින් මේ සාකච්ඡාව පවත්වා සේවකයින්ට සහනයක් ලබා දීමට ක්‍රියා කරනවා යැයි ඒ ප්‍රකාශකයා දන්වා සිටියේය.

http://www.dinamina.lk/2011/10/29/_art.asp?fn=n11102914

No comments:

Post a Comment