Wednesday, October 26, 2011

More power from amended Coast Conservation Act (2 items)

වෙරළේ ඉදි කිරීම් තහනම්

* නව සංශෝධිත පනත අනුව රු. 5000 සිට 25,000 දක්වා දඩ
* තහනම නොතකා දිගින් දිගටම ඉදිකළොත් දිනකට රු.1000 සිට 5000 දඩ

ශ්‍රී ලංකා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අනවසර ඉදිකිරීම්වල අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමටත් රුපියල් 5000 ත් 25000 ත් අතර දඩ නියම කිරීමටත් සංශෝධිත පනත යටතේ හැකිවන බව එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි අනිල් පේ‍්‍රමරත්න මහතා පැවැසීය.

එම දඬුවම් නොතකා දිගින් දිගට එම වරද සිදුකරන්නේ නම් එක් දිනකට රුපියල් 1000 ත් 5000 ත් අතර දඬුවම් නියම කළ හැකි බව ඒ මහතා කියයි. වැලිගොඩ දැමීමට හා ජලාශ්‍රිත ප්‍රදේශ ගොඩ කිරීමට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් විවිධ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සමුද්‍ර ඛාදනය හා සමුද්‍ර දූෂණය වැඩිවී තිබෙන බවත් ඒ මහතා කීය. මුහුදු සීමාව ආසන්නයේ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට යන වියදම් එම ඉදිකිරීම් අයිතිකරුවන්ගෙන් අයකර ගන්නා බවද හෙතෙම පැවැසීය. අනවසර ඉදිකිරීම් වැඩිපුර වාර්තා වන්නේ දකුණු පළාතෙන් යැයිද පේ‍්‍රමරත්න මහතා සඳහන් කළේය.

http://www.dinamina.lk/2011/10/26/_art.asp?fn=n1110261
-----------------------------------------------------------------

Illegal constructions out in coastal belt

Disna Mudalige

* More powers to CCD by new law
*Demolition costs to be recovered from offenders

The Coast Conservation Department (CCD) has decided to take strict action against illegal constructions in the coastal belt using the new powers vested in it under the amended Coastal Conservation Act approved by Parliament recently.

CCD Director General Anil Premaratne told the Daily News that court cases will be filed against owners of these illegal buildings and a fine not less than Rs 5,000 and not more than Rs 25,000 will be imposed on them at the first conviction.

He said that if the offenders who maintain the illegal constructions continue the same offence disregarding the court decision, the amended Act has the provisions to impose a fine not less than Rs 1,000 and not more than Rs 5,000 per day on them.

He said that unauthorized constructions in the coastal belt have resulted in accelerated coastal erosion and pollution and therefore the CCD has decided to strictly implement these laws.

Premaratne said that the unauthorized buildings which are built very close to the sea will be demolished and the expenses spent on them will be recovered from the offenders. He said that several illegal constructions in Arugam Bay were demolished last week and this process will also be carried out in other coastal areas.

He observed that the coastal stretch in the Southern Province comprises the majority of illegal constructions.

He also explained that legal action will also be sought for the illegal fillings of water bodies and sand mining. The amended Act has also made provisions to arrest an offender without a warrant for violating its laws and regulations aiming for an efficient coastal conservation and coastal resource management.

http://www.dailynews.lk/2011/10/26/news26.asp

No comments:

Post a Comment