Monday, October 31, 2011

කසළ ගොඩක්‌ නිසා ගම්පොළ රෝහලේ ශල්‍යාගාරය යළිත් වැසේ

ගම්පොළ - සුරංග දිල්හාන්



ගම්පොළ මූලික රෝහලට (ශික්‍ෂණ) යාබද ඉඩමක දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නගර සභාව මගින් කසළ ගොඩ ගැසීම නිසා එයින් හමන දුගඳ නිසා මැසි උවදුර හේතුවෙන් රෝහලේ ශල්‍යාගාරය දෙවන වරටද වසා දැමීමට සිදු වූ බව ගම්පොළ රෝහලේ අධ්‍යක්‍ෂ සරත්වීර බණ්‌ඩාර මහතා සඳහන් කරයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡාකළද මේ වන තුරු නිශ්චිත විසඳුමක්‌ ලබාදී නොමැති බැවින් රෝහලේ සියලුම ඒකක පවත්වා ගැනීම පිළිබඳව විශාල ගැටලුවක්‌ පැන නැගී ඇති බව අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු අංශ වෙත මේ බව ලිතවද දන්වා යෑවීමට පියවර ගෙන ඇත.

රෝහල ආසන්නයේ ඇති කුණු දමන ස්‌ථානයෙන් හමන දුර්ගන්ධය හා මැසි උවදුර නිසා ශල්‍යාගාරයේ ශාල්‍යකර්ම කළ නොහැකි බවට ශල්‍යාගාරයේ සේවයේ යෙදෙන සියලු විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දැන්වීමෙන් පසු මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව පවසන වෛද්‍ය අධිකාරිවරයා ශල්‍යකර්ම සිදුකරන ලද රෝගීන් මෙම තත්ත්වය නිසා ආසාදනවලට ලක්‌ව ඇති බවද සඳහන් කරයි.

ගම්පොළ නගර සභාව මගින් කසළ බැහැර කළ ස්‌ථානය ඔවුන්ට අහිමිව යැමත් සමඟ පසුගිය අප්‍රේල් මස සිට නගරයේ එකතු වන කසළ දැමීමට ස්‌ථානයක්‌ නොමැතිව දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ. මේ සඳහා නගර සභාව මගින් නොයෙක්‌ පිළියම් යෙදවීම් කළද ඒවාට නොයෙක්‌ බාධා එල්ලවීමෙන් මෙම අර්බුදය මතුව තිබේ.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී හෙට්‌ටිආරච්චි මහතා -

අප සභාව මගින් වසර 9 ක්‌ පුරා කසළ බැහැර කළ ස්‌ථානය අපට අහිමිව ගිය නිසා පසුගිය අප්‍රේaල් මස සිට මෙම ගැටලුව පැන නැගී තිබෙනවා. නගරයේ දිනකට එකතු වන කසළ ට්‍රැක්‌ටර් ලෝඩ් 14 ක්‌ ඉවත් කිරීම සිදුකරනවා. නමුත් අප මෙම අර්බුදයට පිළියම් යොදවා තිබෙනවා.

මේ වන විට අපට කසළ දැමීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අම්බුළුවාව ප්‍රදේශයේ අක්‌කර 2 ක භූමි ප්‍රමාණයක්‌ ලබා දී තිබෙනවා. එම නිසා ගම්පොල රෝහලේ මතුව තිබෙන මෙම ගැටලුවත් විසඳී යැම සිදු වෙනවා.


http://www.divaina.com/2011/10/31/news17.html

No comments:

Post a Comment