Thursday, October 27, 2011

හලාවත රෝහලේ සෝපානය අක්‍රීයයි, පඩි පෙළ ඔස්සේ ගමන මෙහෙමයි !

ඡායාරූප සටහන පල්ලම - අමිල බුද්ධික

හලාවත මහ රෝහලේ විදුලි සෝපානය දින දෙකක්‌ තිස්‌සේ ක්‍රියාවිරහිත වීම නිසා ගැබිනි මවුවරු සහ සේවකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දරුවන් ලැබීමට සිටින සහ දරුවන් බිහිකළ මවුවරුන් ගැබිනි වාට්‌ටුව දක්‌වා ගෙන යැමට සිදුවී ඇත්තේ පඩිපෙළ මගිනි. එම රෝගීන් හට ඇවිද යැමට අපහසු නිසා ඔවුන්ව රෝද පුටුවක හිඳුවා උස්‌සාගෙන යැමට සිදුවී තිබේ.

මෙම තත්ත්වය හමුවේ රෝගියාගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතී.

ක්‍රියා විරහිත වූ මොහොතේම පරිපාලන අංශය දැනුවත් කළ ද මෙතෙක්‌ කිසිම ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙලෙස රෝගීන් ඉතා අපහසුවෙන් ඔසවාගෙන යන විට ඔවුනට අනතුරක්‌ සිදුවුවහොත් එම වගකීම බාර ගැනීමට සිදුවන්නේ රෝහලේ කනිෂ්ඨ සේවකයන්ට බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2011/10/27/news09.html

No comments:

Post a Comment