Friday, October 28, 2011

'වැලි මැස්‌සා' විදීමෙන් තංගල්ල ලෙඩ වෙයි

සතියකට 10 - 15 ක්‌ රෝහල් සායනයට එති

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

තංගල්ල ප්‍රදේශයේ, ශීඝ්‍රයෙන් බෝවන වැලි මැස්‌සා විදීමෙන් ඇති වී තිබෙන රෝගය මර්දනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙලක්‌ සකස්‌ කළ යුතු යෑයි තංගල්ල රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් අබේසිරිවර්ධන මහතා "දිවයින"ට ඊයේ (27 දා) පැවසීය.

වැලි මැස්‌සා විදීමෙන් සතියකට තංගල්ල රෝහලේ සායනවලට රෝගීන් පහළොස්‌ දෙනෙකු පමණ පැමිණෙන බව ද ඒ මහතා පැවසීය.

වැලි මැස්‌සා විදීමේ රෝගය මෑතකදී මෙම ප්‍රදේශයේ පැතිරුණු රෝගයක්‌ බවත් විෂබීජයක්‌ මගින් මෙය පැතිරෙන බවත් සිරුරේ තුවාල ඇති වීමෙන් බරපතළ තත්ත්වයක්‌ ඇති වන බවත් වෛද්‍ය අබේසිරිවර්ධන මහතා පැවසීය.

වැලි මැස්‌සා විදීමෙන් රෝග දෙකක්‌ වැළඳිය හැකි බව ද දැනට ලංකාවේ පැතිරී ඇත්තේ සිරුරේ මතුපිට විදීමෙන් ඇති වන තුවාල බව ද දෙවැනි රෝගය ශ්‍රී ලංකාවේ නැති බව ද එම රෝග බෝ වුණොත් මරණීය තත්ත්වයක්‌ ඇති විය හැකි බව ද හෙතෙම කියයි.

ශරීරය නිරාවරණය කර ගෙන සිටීම වැලි මැස්‌සා විදීමේ රෝගයට ගොදුරුවීමට ප්‍රධාන හේතුවක්‌ වී තිබේ.

http://www.divaina.com/2011/10/28/provin01.html

No comments:

Post a Comment