Sunday, October 30, 2011

බාල පොල් තෙල් වික්කොත් තරු විසිවෙන දඩ

රූපාන්ති බුලත්සිංහල


බාල පොල් තෙල් අලෙවි කිරීමේ ස්ථාන වටලා එම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණ ගුණයෙන් අඩු බාල පොල් තෙල් විකිණිම නිසා පාරිභෝගික ජනතාවට සිදුවෙන සෞඛ්‍ය හානිය දුරු කිරීමට පියවර ගැනීම මෙහි අරමුණයි.

පසුගියදා මේ පිළිබඳ වැටලීම් කොළඹ පිටකොටුවේදී සිදු වූ අතර පරීක්ෂණ කිරීමට පොල් තෙල් සාම්පල් රැගෙන යාම ද පොල් සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී.

දිවයින පුරා සියලුම පොල් තෙල් අලෙවි සල් ඉදිරියේදී පරීක්ෂාවට ලක්කරන බව ද පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

සෞඛ්‍ය ගැටලු උද්ගත නොවන ආකාරයට වඩාත් පිරිසිදු පොල් තෙල් ජනතාවට ලබාදීමේ අරමුණින් බාල පොල් තෙල් අලෙවි කරන මධ්‍යස්ථාන වටලන බව ද ඔවුනට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව ද ඇමැතිවරයා තවදුරටත් පැවැසීය.

http://www.silumina.lk/2011/10/30/_art.asp?fn=aa1110305

No comments:

Post a Comment