Saturday, October 29, 2011

වල් අලි 200 ක්‌ මේ වසරේ මියගිහින් මිනිස්‌ ජීවිත 35 ක්‌ අහිමි වෙලා

මාතලේ විශේෂ

ගතවූ වසරක කාලය තුළ වල් අලි දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්‌ මියගොස්‌ ඇති බව වන ජීවී සංරක්‌ෂණ අමාත්‍යාංශය කියයි. අලි - මිනිස්‌ ගැටුම් නිසා මිනිස්‌ ජීවිත 35 ක්‌ පමණද අහිමි වී ඇත.

2010 වසරේදී අලි - මිනිස්‌ ගැටුම් නිසා වල් අලින් 230 ක්‌ පමණ මියගොස්‌ ඇති බවටද වාර්තා වී ඇත.

මෙම වසරේදී වල් අලි සියයක්‌ පමණ වෙඩි වැදීම්වලින් මියගොස්‌ ඇති බවත් අනෙක්‌ අලින් විවිධ හේතූන් මත මියගොස්‌ ඇති බවත් වන ජීවී අධ්‍යක්‌ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා පැවසීය.

පවතින අලි - මිනිස්‌ ගැටුම් උග්‍රවීම වල් අලින්ගේ සහ මිනිස්‌ ජීවිතවලට දැඩි තර්ජනයක්‌ වී ඇති බැවින් වල් අලින් ගම් වදින කලාප ආශ්‍රිත විදුලි වැටවල් ඉදිකිරීම හෝ ඉදිකර ඇති අක්‍රීය විදුලි වැටවල් කඩිනමින් ප්‍රතිසංස්‌කරණය කර යාවත්කාලීන කිරීමටද පියවර ගෙන ඇත.

අලි - මිනිස්‌ ගැටුම් අවම කර ගැනීම සඳහා ජනතාවගේ ඉහළ දායකතත්වයක්‌ අවශ්‍ය බවද වන ජීවී සංරක්‌ෂණ අමාත්‍යාංශය කියයි.

http://www.divaina.com/2011/10/29/news17.html

No comments:

Post a Comment