Tuesday, October 25, 2011

පුත්තලමේ දේශපාලනඥයෙක්‌ අක්‌.50ක රජයේ ඉඩමක්‌ බලෙන් අල්ලාගෙන

ප්‍රියදර්ශන ලියනගේ

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඇන්ඩන්කන්ඩි ග්‍රාමසේවා වසමේ පිහිටි රජයට අයත් පොල් ඉඩම් අක්‌කර 50 ක්‌ පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් අල්ලාගෙන ඇතැයි ඉඩම් අමාත්‍යංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඊයේ (24 දා) විමසූ විට ඇමැතිවරයා පැවසුවේ අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට රජය මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි. රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කිසිවකුටත් අයිතියක්‌ නැති බව සඳහන් කළ ඇමැතිවරයා රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන භුක්‌ති විඳින දේශපාලනඥයන්ට විරුද්ධව තරාතිරම නොබලා කටයුතු කරන බවද පැවසීය.

http://www.divaina.com/2011/10/25/news07.html

No comments:

Post a Comment