Wednesday, October 26, 2011

ආයුර්වේද සංස්‌ථාව පාඩු ලබන්නේ නෑ

- සංස්‌ථා සභාපති

ලාභ ලබමින් පවතින ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව පාඩු ලබන ආයතනයක්‌ ලෙස සඳහන් කිරීම අසත්‍ය යෑයි එම සංස්‌ථාවේ සභාපති ඩී. ඕ. සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ "දිවයින" පුවත්පතේ ඊයේ (25 වැනිදා) "ආතා අපේ" කවිවල ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව කෝටි දහසයක පාඩුවක්‌ ලබා ඇති බවට කර ඇති සඳහන් පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි. එලෙස සඳහන් කිරීම සංස්‌ථාවේ කීර්ති නාමයට හානියක්‌ මෙන්ම කාර්ය මණ්‌ඩලයේ කනගාටුවට හේතුවක්‌ යෑයි ද ඒ මහතා පවසයි.

http://www.divaina.com/2011/10/26/news23.html

No comments:

Post a Comment