Monday, October 24, 2011

විදුලි පහසුකම් නොමැති ලක්ෂ 6 1/2 කට 2012 අවසන් වීමට පෙර විදුලිය ලබා දෙනවා

- ඇමැති පාඨලී චම්පික රණවක

දයා පෙරේරා, ස්වර්ණ විජේකෝන්, චමීර ඇල්ලදෙණිය

විදුලිබල පහසුකම් නොමැති හයලක්ෂ හතලිස් දෙදහසක් පමණ වන නිවාසවලට 2012 වසර අවසානයට පෙර විදුලිය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) පැවසීය.

මේ වසර අවසානය වන විට ඉන් ලක්ෂ තුනකට විදුලිය ලබාදීමට රජය කටයුතු කර තිබෙන බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

සැමට විදුලිය ලබාදීමත් සමග දශක ගණනාවක් ශ්‍රී ලංකාව පුරා භූමිතෙල් කුප්පි ලාම්පු මඟින් ආලෝකය ලබාගැනීමේ ක්‍රමවේදය අවසන් වන අතර, එමගින් භූමිතෙල් නොමිලේ ලබාදීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව ද රණවක මහතා කීවේය.

ප්‍රධාන ජාලයෙන් විදුලිය ලබාගත නොහැකි ජනතාවට සහනදායි පදනමක් මත හා නොමිලේ සූර්ය බල පද්ධති ලබාදීමට 2012 වසරේදී ‘ශ්‍රමශක්ති’ වැඩසටහන යටතේ පියවර ගන්නා බවද පාඨලි චම්පික රණවක මහතා කීය. ආලෝකකරණ වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන (42,000) හතලිස් දෙදහසක මුදලක් රජය වෙන් කර ඇති බවද පාඨලි චම්පික මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

http://www.dinamina.lk/2011/10/24/_art.asp?fn=p1110245

No comments:

Post a Comment