Thursday, October 27, 2011

අලගුඹලේ ගල් කඳු වැටිය කඩාවැටීමේ අවදානමක්‌

   මාතලේ විශේෂ

මාතලේ ඩිල්ෂෙයාර් කඳුවැටියේ අලගුඹලේ ප්‍රදේශයේ ගල් කඳුවැටිය ගරා වැටෙමින් පවතී.

මේ හේතුවෙන් ඒ ආසන්නයේ පදිංචි පවුල් 30 ක්‌ ඉවත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය උපදෙස්‌ දී ඇත.

ඉකුත් වසරේ දී මෙම ප්‍රදේශය නායයැමට ලක්‌වූ අතර පවුල් 11 ක්‌ ඉවත් කෙරිණි.

ඊයේ (24 දා) නැවත ගල්කන්ද ගැලවී යැමේ අවදානමට පත්වීම නිසා අගලවත්ත, ඉහළ හරස්‌ගම ප්‍රදේශවල පදිංචි පවුල්වලට දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස්‌ දුන් බව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ ඉන්දික රණවීර මහතා කීය.

ඉදිරි වැසි සමග ගල්කන්ද ගැලවීයැමේ දැඩි අවදානමක්‌ ඇති බැවින් කඩිනමින් එම අනාරක්‌ෂිත බව ඉවත් කිරීමට පියවර ගන්නා බවද කීය.

මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් හෙලන් ඒ. මීගස්‌මුල්ල මහත්මිය සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් ජී. යූ. එච්. ප්‍රේමසිංහ මහතාගේ උපදෙස්‌ මත ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ භූ විද්‍යාඥ එම්. එම්. සී. යූ. මොරේමඩ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ පවත්වති.
http://www.divaina.com/2011/10/27/news19.html

No comments:

Post a Comment