වවුනියාව මධ්‍යම විශේෂ බණ්ඩාර විපුලසේන
කැබිතිගොල්ලෑව - වවුනියාව ප්‍රදේශවල ජලය බීමට සුදුසු නැතැයි කියමින් සිංහයා උල්පතේ ජලය සොයා ප්‍රදේශයට ජනතාව ඇදී එති. බීමට මෙන්ම නෑමට ද ඉතා උසස් තත්ත්වයෙන් සිංහයා උල්පත ජලය පවතින බැවින් මෙසේ ජනතාව කුලී රථවලින්ද පැමිණ ජලය රැගෙන යති. ප්‍රදේශයටම මෙම ජලය ලබාගැනීමට අවස්ථාව දෙන්නැයි ජනතාව ඉල්ලා සිටී.
උතුරු මැද පළාත මෙන්ම උතුරු පළාතේ ද වකුගඩු රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගොස් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇත. තවත් බොහෝ පිරිසක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටිති.
විශේෂයෙන් ගැමි ජනතාවගේ විශ්වාසයක්ව පවතින්නේ වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව අපිරිසුදු ජලය බවයි. මේ සඳහාම උනන්දුවක් දක්වන ගැමියන් පිරිසිදු ජලය සෙවීමට විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වෙති. එම අවශ්‍යතාවය සපුරා ගැනීමට වවුනියාව, කැබිතිගොල්ලෑව ප්‍රදේශවල ජනතාවට එකම පිහිට වී ඇත්තේ සිංහයා උල්පතේ ජලයයි.
කැබිතිගොල්ලෑව සිට වවුනියාව මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගොස් උතුරු දෙසට ඇති මාර්ගයේ හල්මිල්ලවැටිය, කනුගහවැව යන ගම්මාන පසුකර වනාන්තරය මුණගැසෙන ස්ථානයේ මෙම සිංහයා උල්පත පිහිටා ඇත.
මෙම උල්පත වසරේ 365 දවසේම ජලය ලබාගැනීමට උපකාරී වන අතර එහි දිය නෑමට හා පානීය ජලය ලබාගැනීමට වෙන වෙනම ටැංකි දෙකක් ද ඉදිකර ඇත.
වවුනියාව ප්‍රදේශයේ සිට ද කිලෝ මීටර් 30 ක් පමණ දුර ගෙවා මෙම උල්පතෙන් ජලය ලබාගැනීමට ජනතාව පැමිණීම දිනෙන් දින වැඩිවෙමින් පවතී.
කැබිතිගොල්ලෑව හා ඒ අවට ප්‍රදේශයේ ඉතා උසස් තත්ත්වයේ ජලය තිබෙන බවට ප්‍රසිද්ධියක් උසුලයි. මෙම ප්‍රදේශයෙහි උල්පත් ජලය තිබීම මෙයට ප්‍රධාන හේතුවයි. කුංචුට්ටුව, කැබිතිගොල්ලෑව, ;ගීනමැරියාව, සිංහයා උල්පත, බණ්ඩාර උල්පත මෙහිදී ප්‍රධාන තැනක් ගනී.
මේ පිළිබඳව අතීත මතක සටහන් එකතු කිරීමට හේරත් හල්මිල්ලෑව පදිංචි එස්. පුංචිහාමි මහත්මිය එක්වෙමින් මෙසේ අදහස් දැක්වීය.
මගේ වයස දැන් 75 ක් විතර වෙනවා හරියටම උපන් දිනයක් දන්නේ නැහැ. සිංහයා උල්පතට හැතැප්ම (සැතපුම්) 05ක් පමණ දුරින් අපේ ගම තියෙනවා. ඉස්සර අපේ ගමේ ළිංවලින් වතුර බීවා වැවෙන් නෑවා. වැවේ වතුරත් බීමට ගත්තා සවස වැවට ගිහින් නාලා, එනවිට වතුර කලයක් අරගෙන ආවා. කිසිම අගුණයක් නැහැ. ඒත් දැන් වතුර කිවුල් ගතියයි. වැවේ වතුර බීමට ගන්න බැහැ.
අපේ ගමේ අය දැන් මේ සිංහයා උල්පතට ඇවිත් නාලා බීමට වතුරත් අරගෙන යනවා. මේ වතුර හරිම හොඳයි. කිසිම අගුණයක් නෑ. අපේ පළාතේ වකුගඩු රෝගය තියෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ වතුර පාවිච්චි කරනවා.
පුංචි මුදාගම පදිංචි ටී. පී. ජයලත්
මේ ප්‍රදේශයේ වකුගඩු රෝගය හැම තැනම තියෙනවා. සියලු දෙනාගේ විශ්වාසයක් තියෙනවා. වතුරෙන් මේ රෝගය සෑදෙන බවට, සිංහයා උල්පත වැනි සම්පතක් මෙම ප්‍රදේශය ජනතාවට විශාල දායාදයක්. නමුත් ඔවුන්ට එය භුක්ති විඳින්න අමාරුයි. දුර කතර ගෙවාගෙන මෙම ස්ථානයට එන්න කරදරයි.
මේ උල්පතේ ජලය ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට යම්කිසි ක්‍රමයක් යෙදුවොත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බව අපේ විශ්වාසයයි.
මෙම ප්‍රදේශයේ මෙවැනි උල්පත් රාශියක් තිබෙනවා. සමහරු මෙහි වතුර බෝතල් කර විකුණන්න හැදුවා. ප්‍රදේශවාසීන් එයට විරුද්ධ වුණා.
මෙම උල්පත් ජලය ප්‍රදේශවාසීන්ට මෙන්ම අනෙකුත් ප්‍රදේශවල සිට පැමිණෙන හා වවුනියාව - ත්‍රිකුණාමලය කොළඹ – පුල්මුඩේ ප්‍රධාන මාර්ගවල ගමන් කරන ජනතාවටත් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් ඉතා වැදගත් වෙනවා.
http://www.dinamina.lk/2011/10/21/_art.asp?fn=n11102111
No comments:
Post a Comment