Sunday, October 30, 2011

ඉදිරි මැතිවරණවලට වත්කම්, බැරකම් ප්‍රකාශ අනිවාර්යයි

රනිල් ධර්මසේන

ඉදිරියේදී පවත්වන සෑම මැතිවරණයකදීම තරග කරන අපේක්‍ෂකයන්ගෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා තීරණය කර තිබේ.

මෙහි ආරම්භයක්‌ ලෙස ඉකුත් 08 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමට තරග කළ සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන භාරගැනීම සිදුවූ අතර ඉදිරියේදී පවත්වනු ලබන අනෙකුත් මැතිවරණවලදීද එම නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමසාරිස්‌වරයාට පැවරී ඇති බලතල ප්‍රකාර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ තමන් යටතේ පූර්ණ වශයෙන් පැවැත්වීමට හැකි වූ ප්‍රථම ඡන්ද විමසීම ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම නිසා වත්කම් ප්‍රකාශන ලබා ගැනීම සාර්ථකව සිදු කළ බවත් එය ඉදිරියේදී තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්ය.

මෙවැනි නීතීන් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරනු ලැබුයේ යහපත් සමාජයක්‌ හා දේශපාලන සංස්‌කෘතියක්‌ රටේ ඇති කිරීමේ අරමුණින් යෑයිද මේ වන විට ආණ්‌ඩුවේත් විපක්‍ෂයේත් දේශපාලන පක්‍ෂවල සහාය ඊට ලැබී ඇතැයිද කියා සිටියේය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ පරීක්‍ෂා කර බැලීමේ නීතිමය ප්‍රතිපාදන ඉදිරියේදී තවදුරටත් පුළුල් විය යුතු බවත් දේශපාලන පක්‍ෂ ඒ සඳහා පෙරමුණ ගත යුතු බවත් කොමසාරිස්‌වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2011/10/30/news04.html

No comments:

Post a Comment