- සෞඛ්‍ය ලේකම්ගෙන් චක්‍රලේඛ දෙකක්
ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වල රෝගීන්ගේ ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීෂණ පෞද්ගලික රෝහල් රසායනාගාරවලට යෑවීම සීමා කරන ලෙස නිර්දේශ කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ අත්සනින් යුතුව චක්‍ර ලේඛ දෙකක් සියලු රජයේ රෝහල් ප්‍රධානීන් වෙත යවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2011.09.02 දාතමින් 01.21.2011 හා 01.22.2011 යන අංක යටතේ යවා ඇති මෙම චක්‍රලේඛ මගින් සෑම රජයේ රෝහලකම සිදු කෙරෙන සියලු රසායනාගාර පරීක්ෂණයන් පිළිබඳ ලැයිස්තුවක් එම රෝහල්වල වෛද්‍ය නිලධාරීන් අතට පත් කිරීමට පියවර ගෙන එම පරීක්ෂණයන් පෞද්ගලික වෛද්‍ය අංශය වෙත යෑවීම වළක්වා ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
මේ අතර අදාළ චක්‍රලේඛයන් රෝහල් ප්‍රධානීන්ට යෑවීමට අමතරව රජයේ රෝහල් රසායනාගාර උපකරණ අලුත්වැඩියාව සඳහා මේ වන විට ආයතන මගින් ප්‍රතිපාදන ඉල්ලා එවන ලද සියලු ඉල්ලීම් සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති අතර භාවිත නොවන ශල්‍ය උපකරණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෛද්‍ය සැපයීම් අංශය වෙත මුදාහැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (රසායනාගාර සේවා) වැය ශීර්ෂයෙන් රසායනාගාර උපකරණ සඳහා වෙන් කළ මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් සියයට 71 ක් පමණ මේ වන විට මුදාහැර ඇතැයි ද අමාත්‍යංශය කියයි.
මේ අතර චක්‍රලේඛ නිකුත් කර ඇතත් රජයේ ප්‍රධාන රෝහල් බොහොමයකම සිදු කෙරෙන රසායනාගාර පරීක්ෂණයන් තවමත් පෞද්ගලික වෛද්‍ය අංශ වෙත යෑවීම සිදුවන බව එම රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
http://www.divaina.com/2011/10/21/news10.html
No comments:
Post a Comment