පොල් පැළ ලක්ෂ 20කුත් බෙදා දෙයි
මහින්ද අලුත්ගෙදර
දිවිනැඟුම ජාතික ව්‍යාපාරයේ දෙවැනි වැඩසටහනට අයත් බීජ හා පැළ සිටුවීමේ ජාතික වැඩසටහන ලබන 27 දා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මාස් කන්නයේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සිටුවීම දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ ගෙවතු ලක්ෂ 20ක් දක්වා වර්ධනය කිරීම අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ බීජ හා පැළ සිටුවීමේ ජාතික වැඩසටහන ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකොළ උතුර ග්‍රාම නිලධාරී වසමේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. මේ පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පෙරේදා (20) සිදු කෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම මූලික අරමුණ කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන දිවි නැඟුම ජාතික ව්‍යාපාරය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ දිවයින පුරා ගෙවතුවගා ප්‍රතිලාභීන් වෙත බීජ කට්ටල ලක්ෂ 20ක් බෙදා දීමට නියමිත ය. ඊට සමගාමීව පොල් පැළ ලක්ෂ 20ක් ද බෙදාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙහිදී එක් නිවෙසකට පොල් පැළ දෙක බැගින් බෙදා දීමට සැලසුම් කර තිබේ.මීට අමතරව තෝරා ගන්නා ලද ගෙවතු ලක්ෂ 10 ක් සඳහා සුළු අපනයන භෝග පැළ ලක්ෂයක් හා පලතුරු පැළ ලක්ෂ තුනක් බෙදා දීමට ද පියවර ගෙන තිබේ. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ ආයතන රැසක් සහයෝගය ලබාදෙයි.
http://www.dinamina.lk/2011/10/22/_art.asp?fn=n11102216
No comments:
Post a Comment