Wednesday, October 26, 2011

ශ්‍රී ලංගමයට තවත් වොල්වෝ බස්‌ 25 ක්‌

අකිත පෙරේරා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සඳහා තවත් නවීන සුඛෝපභෝගී වොල්වෝ බස්‌ රථ 25 ක්‌ ගෙන්වන බව එම මණ්‌ඩලයේ සභාපති එම්.ඩී. බන්දුසේන මහතා "දිවයින"ට පැවැසීය.

කොළඹ නගරයට ප්‍රවේශ වන මාර්ග සඳහා මෙම බස්‌ රථ යොදවන බව කී ඒ මහතා ගාලු පාර, හයිලෙවල් පාර ආදී ප්‍රවේශ මාර්ගයන්ට සහ කඩුවෙල - කොටුව, ගම්පහ- කොටුව, මීගමුව -කොටුව යන මාර්ග සඳහා මේවා යොදවන බවද කීය.

මෙවැනි බස්‌ රථ දෙකක්‌ මොරටුව සහ කොට්‌ටාව සිට කොළඹ දක්‌වා ධාවනය කෙරෙන අතර ඒවායෙහි ආදායම ඉතා සතුටුදායක වන බැවින් එවැනි බස්‌ රථ ධාවනය වැඩි කිරීමට හේතුවූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

එම බස්‌ රථ ලබන ජනවාරි වන විට මෙරටට ගෙන්වන අතර එම බස්‌ රථයක මිල රුපියල් මිලියන 22 ක්‌ පමණ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර දුර ගමන් සේවා සඳහා ලංගමයට අලුතින් බස්‌ රථ 400 ක්‌ ගෙන ඒමට නියමිතය. ඉන්දියාවෙන් ගෙන්වන මෙම බස්‌ රථවලින් 200 ක්‌ පළමුව ගෙන්වීමට නියමිතය.

http://www.divaina.com/2011/10/26/news29.html

No comments:

Post a Comment