Monday, October 31, 2011

Elephant attack near Kekirawa (4 items)

කැකිරාව සසල කළ "දළ පූට්‌ටුවා" කලාවැව රක්‌ෂිතයට පලවා හරී

කැකිරාව සුදත් ඒකනායක, අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ සිගීරිය සරත් එරමිණිගම්මන

කැකිරාව - කයිලපොතාන හා තිබ්බටුවැව යන ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් පෙරේදා (29 දා) පෙරවරුවේ කැකිරාව දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සහ නවතා තිබූ වාහන පනහකට ආසන්න සංඛ්‍යාවකට පහරදී අලාභහානි සිදුකරමින් පැය හතරකට ආසන්න කාලයක්‌ සැරි සැරූ දෑස්‌ අන්ධ කුලප්පු වූ දළ ඇතා වනජීවී නිලධාරීන් පොලිසිය සහ ජනතාව එක්‌ව කලාවැව වන රක්‌ෂිතයට පලවා හැර තිබේ.

පෙරේදා (29 දා) පෙරවරු 8.00 ට පමණ කැකිරාව කයිලපොතාන ප්‍රදේශයෙන් කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ඇති "ගල්ගමුවේ දළ පූට්‌ටුවා" ලෙස හැඳින්වෙන එම සද්දන්ත හස්‌තියා කිලෝමීටර් පහක්‌ හයක්‌ පමණ ගමන්කොට තිබ්බටුවැව ප්‍රදේශයේ ගෙවත්තකට කඩා වැදී තිබිණි.

මෙම හස්‌තියා කුලප්පුවී හිස්‌ ලූ ලූ අත දිවයැම නිසා කයිලපොතාන හා තිබ්බටුවැව ඇතුළු ප්‍රදේශවල ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ ද උද්ගතවිය.

පෙරේදා පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 පමණ වනතුරු එම කලබලකාරී තත්ත්වය පැවැතිණි

හස්‌තියා කුලප්පු වී හිස්‌ ලූ ලූ අත දිව යමින් වාහනවලට පහරදීම නිසා දඹුල්ල, කැකිරාව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය පැය හතරක පමණ කාලයක්‌ අඩාලව පැවැති අතර දැඩි වාහන තදබදයක්‌ ද පැවැති බව කැකිරාව පොලිසියේ ප්‍රකාශක යෙකු "දිවයින" ට පැවැසීය.

මේ අතර එම ඇතා පාලනය කර ගත නොහැකිවීම නිසා මරා දමන ලෙසට ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක්‌ නිසා පොලිසිය හා ඔවුන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ උද්ගතවූ අතර ඇතා පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් පැමිණීමත් සමඟ තත්ත්වය සමනයට පත්විය.

මේ අතර ඇතාගේ සිරුරේ වෙඩි තැබීම්වලින් ලත් තුවාල රැසක්‌ හා වාහනවලට පහරදීම්වලින් ඇතිවූ තුවාල රැසක්‌ නිරීක්‍ෂණය කළ බවත්, නිර්වින්දනය නොකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වයඹ වනජීවී කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

කහගල්ල වන රක්‌ෂිතයේ සිට පැමිණ ඇති මෙම ඇතා සමඟ සිටි වල් අලියා කිසියම් අනතුරකට ලක්‌ව ඇති බවට සැකකරනු ලබන බවත්, ඒ හේතුවෙන් ඇතා මෙලෙස කුලප්පුවී ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

http://www.divaina.com/2011/10/31/news06.html


කුලප්පු වූ සද්දන්තයෙක් කැකිරාවම දෙවනත් කරයි
අමිල ප්‍රභාත් වනසිංහ, සෙනරත් බණ්ඩාර, සීගිරිය විශේෂ අනුරාධපුර මධ්‍යම විශේෂ හා එස්. එම්. සියාම්, ප්‍රදීප් ගුණවර්ධන - දඹුල්ල සමූහ

කැකිරාව මඩාටුගම පුබ්බෝගම වෙල්යාය ප්‍රදේශයේ සිටි දැවැන්ත දළ ඇතකු කුලප්පුවී ඒ – නවය මාර්ගයට කඩා වැදී මාර්ගයේ ගමන් කළ හා නවතා තිබූ රථවාහන 17කට අලාභ හානි කර තිබේ.

පෙරේදා (29) උදෑසන නමයට පමණ කයිලපොතාන සූරියගම හන්දියේ සිට තිබ්බොටු වැව දෙසට දළ ඇතා පැමිණි අතර ඒ අතරතුර දී මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ, බස් රථ, මෝටර් රථයකට, ලොරි රථයකට හා යතුරු පැදි කිහිපයකට පහර දෙමින් අලාභහානි සිදු කළ අතර ත්‍රිරෝද රථ දෙකක් ඇතුළුව රථවාහන කිහිපයකට පහර දීමෙන් බරපතළ හානි සිදුවිය. පුද්ගලයන් දෙදෙනකුට මෙම සිද්ධියෙන් සුළු තුවාල සිදු විය.

මාර්ගයට පැමිණි දළ ඇතා හොඳින් වැඩුණ දළ යුගළයකින් සමන්විත වූ අතර අඩි 15 ක් පමණ උසින් යුතු ඇතෙකි. පයින් පහර දී ත්‍රිරෝද රථ දෙකකට බරපතළ අලාභ හානි කළ අතර ලොරි රථයක් හා මෝටර් රථයක් හො¼ඩින් උස්සා බිම දමා පහර දී ඇත. යතුරුපැදි කිහිපයක්ම හොඬින් උස්සා විසිකර දැමුවේ ය. රථවාහනවල පැමිණි බොහෝ පිරිසක් රථවාහන දමා ඇතාට බියේ හිස් ලුලු අත දිව ගියහ.

සූරියවැව හන්දිය සිට තිබ්බටුවැව දෙසට එනතුරු රථවාහන වලට පහර දෙමින් පැමිණි ඇතා තිබ්බටු වැව හන්දියේ වූ නිවසක ගේට්ටුවට පහර දී එම වත්තට ඇතුළුවී එහිවූ රථවාහන දෙකකටත් යතුරු පැදියකටත් පහර දී අලාභ කර පැය දෙකකට ආසන්න කාලයක් එම නිවසේ මුළුතැන් ගෙය පිටුපසට වී සිට තිබේ. පසුව කැකිරාව වන ජීවි නිලධාරීහු හා කැකිරාව පොලිසිය පැමිණ ඇතා අලිවෙඩි දමා කලාවැව දෙසට එළවා දැමූහ.

දළ ඇතාගේ කලහකාරී හැසිරීම හේතුවෙන් 29 දා ඒ-9 මාර්ගයේ ගමනාගමනය පැය තුනකට ආසන්න කාලයක් ඇනහිට තිබූ අතර ඇතා එළවා දැමීමට වනජීවි නිලධාරීන්ටත් පොලිසියටත් විශාල වෙහෙසක් දැරීමට සිදු විය.

ඉකුත් 28 වෙනිදා සවස පුබ්බෝගම වෙල්යායට ඇති පැමිණ ඇතා අතර ප්‍රදේශයේ තරුණයන් රතිඤ්ඤා දමමින් ඇතා එළවා දැමීමට උත්සාහ දරා තිබේ.

මේ නිසා ඇතා කෝපයට පත්වන්නට ඇති බව වන ජීවි නිලධාරීහු පවසති. කිසියම් පුද්ගලයකු ඇතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එක් පාදයක තුවාලයක් තිබෙන බවත් වනජීවි නිලධාරීහු පවසති.

ඇතාගේ ප්‍රහාරයෙන් රථවාහන 17 කට පමණ අලාභ හානි සිදුවුවත් කැකිරාව පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ ඉන් දෙකක් සම්බන්ධව බව පොලිසිය පැවසුවේ ය.

මෙම ඇතාගේ ඇස් දෙක නොපෙනීම නිසා තම ආරක්‍ෂාව පතා කුපිතව හැසිරී ඇති බවත් වෙඩි තැබීම් හා වාහනවලට පහරදීම නිසා බහුවිධ තුවාල ඇතාගේ සිරුරේ දකින්නට ලැබෙන බවත් අවශ්‍ය ප්‍රතිකාර ඊයේ දිනයේ (30) ආරම්භ කළ බවත් වයඹ කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.


http://www.dinamina.lk/2011/10/31/_art.asp?fn=n11103111


Wild elephant goes berserk: fifteen vehicles damaged

Amila Prabath Wanasinghe and Senerath Bandara

A tense situation arose in Suriyagaswewa area on the Kekirawa-Dambulla A9 road when a wild elephant, a tusker, went berserk last Saturday morning.

The elephant had attacked about 15 vehicles and had roamed about seven kilometres on the road.

The panic stricken residents and commuters had faced many inconveniences due to this sudden incident.

Heavy traffic congestion was also reported on this route due to this. The elephant had also roamed in Galnewa and Galkiriyagama villages during the past few days.

The elephant had entered the main road when wildlife officers attempted to chase away the animal from a land in Suriyagaswewa.

It had behaved aggressively for about five hours after entering the road.

Kekirawa Police said that security was tightened in the area to prevent any accident.

Kekirawa Police officers and wildlife officers later managed to chase the elephant to Kala Wewa forest reserve.

It was also reported that the elephant was suffering from a physical disability.

http://www.dailynews.lk/2011/10/31/news17.asp


Good jumbo gone wild



The Dambulla- Kekirawa main road had been temporarily closed due to a rampaging tusker. The elephant had been stampeding along almost 8 kilometer stretch of road from Kylapathana to Tibbatuwawa.

The elephant had also attacked and damaged several vehicles on the road, causing alarm to residents in the area.

It was also reported that the wild elephant, while near a residential area in Tibbatuwawa, had also attacked nearby vehicles there as well. The animal had become violent after receiving gun shot injuries and becoming virtually blind.

Wildlife officers with the help of the residents chased the elephant to the jungles of the Kalawewa Nature Reserve.

Pic by Sudath Ekanayake, Dambulla Corr

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38050

1 comment:

  1. There are some serious issues related to this incident:

    People wanted to kill the animal: "මේ අතර එම ඇතා පාලනය කර ගත නොහැකිවීම නිසා මරා දමන ලෙසට ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක්‌ නිසා පොලිසිය හා ඔවුන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ උද්ගතවූ අතර ඇතා පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් පැමිණීමත් සමඟ තත්ත්වය සමනයට පත්විය." (Divaina report) - Is this correct, then raises issues of public behaviour. The animal became violent due to gun shot wounds (caused by man!) and becoming blind and firing of crackers (by man!)

    How many vehicles were damaged: nearly 50 (Divaina), 17 and only 2 reported to Police (Dinamina), 15 (Daily News) - Was there an exaggeration by some?

    ReplyDelete