Saturday, October 29, 2011

පුත්තලමේ රජයේ පොල් ඉඩමක්‌ සමාගමක්‌ බලෙන් අල්ලාගෙන

ප්‍රියදර්ශන ලියනගේ

රුපියල් කෝටි දහයකට අධික වටිනා කමින් යුත් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කන්දකුලිය ග්‍රාම සේවා වසම තුළ පිහිටි රජයට අයත් පොල් ඉඩම් අක්‌කර 48 ක්‌ පෞද්ගලික සමාගමක්‌ විසින් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් අල්ලාගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මුහුදු වෙරළ තීරයට සමීපව මෙම සරුසාර පොල් ඉඩම පිහිටා තිබේ.

මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ගෙන් (ඊයේ 28) විමසූ විට ඇමැතිවරයා පැවැසුවේ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක්‌ මත කළ පරීක්‌ෂණයකදී මේ බව අනාවරණය කොට ගත් බවයි. රජය සතු අක්‌කර 48 ක මෙම ඉඩම් නීති විරෝධී ලෙස පෞද්ගලික සමාගම අල්ලා ගෙන තිබෙන බවත් අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමට රජය කටයුතු යොදා තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය
http://www.divaina.com/2011/10/29/news10.html

No comments:

Post a Comment