Wednesday, August 24, 2011

Accident management training for Southern Highway (2 items)

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අනතුරුවලට ප්‍රතිකාර දෙන්න 35කට විශේෂ පුහුණුවක්

සන්ධ්‍යා කරුණාරත්න

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අනතුරුවලට ලක්වන්නන්ගේ ජීවිත බේරාගැනීම සඳහා කොළඹ ජාතික රෝහල හදිසි අනතුරු ප්‍රතිකාර පිළිබඳ නව පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 35 දෙනෙකුට මාසයක් පුරා මෙම පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ පුහුණු වැඩසටහන ආරම්භ කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිරියේ දී විවෘත කිරීමට යෝජිත දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණයි.

අනතුරට ලක්වූවන්ට ක්ෂණිකව හදිසි ප්‍රතිකාර ලබාදීම, අස්ථි බිඳීම් වැනි තත්ත්වයන් ඇත්නම් එවැනි රෝගීන්ට හානියක් නොවන පරිදි රෝහල් වෙත ගෙන යාම, මූලික ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කිරීම හා කඩිනමින් අඳාළ ස්ථාන වෙත ළඟා වීම වැනි සියලුම හදිසි ප්‍රතිකාර සේවා පිළිබඳව මෙහිදී පුහුණුව ලබාදීම සිදුකෙරේ. මාර්ග අනතුරුවලට මුහුණදෙන්නන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඔවුන්ට ඇති මුල්ම පැය රන් පැය (ට්ධතඤඥද ඩ්ධභප) ලෙස හැඳින්වේ. එම පැය තුළ රෝගියා රෝහලට ගෙනඒමෙන් රෝගියාගේ ජීවිතය බේරාගැනීමේ හැකියාව සියයට 60 සිට 70 දක්වා ඉහළය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ, විශේෂ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මහත්ම මහත්මීහු එක්ව මේ වැඩසටහන මෙහෙයවීම සිදුකරති.

http://www.dinamina.lk/2011/08/24/_art.asp?fn=n1108249


Accident management training for STF officers

Nadira GUNATILLEKE


The Health Ministry will provide special training on accident management to 35 officers attached to the Special Task Force (STF) to be deployed along the Southern Highway.The training was planned by Health Minister Maithripala Sirisena on the direction of President Mahinda Rajapaksa, a ministry spokesman said.

According to the spokesman, the training commenced last Monday at the Colombo National Hospital accident ward.

The officers are trained on how to reach the location as fast as possible, how to provide first aid and instant care, how to prevent further injuries to patients with bone fractures while transporting them to hospitals, etc.

The first hour of the accident is called the `Golden Hour' because there is 60 to 70 per cent chance to save a victim's life. Accident Ward Director Dr. Prasad Kariyawasam and nursing officer P.R. Soysa conducted the training.

The training will be extended to the other parts of the country soon on the direction of Minister Sirisena, he said.

At the moment, Sri Lanka does not have a well trained special accident management team to be deployed on roads. Many foreign countries have such teams. Sri Lanka trained such teams from time to time but they have been assigned for other duties and not for the specific duty that they had been trained for, he added.

http://www.dailynews.lk/2011/08/24/news47.asp

No comments:

Post a Comment