Wednesday, August 24, 2011

මුන්නේශ්වරම් කෝවිලේ සත්ත්ව ඝාතනයට එරෙහිව පෙත්සමක්

මුන්නේශ්වරම සමූහ ඊ.සී.ප්‍රනාන්දු

හලාවත මුන්නේශ්වරම් හි ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ වාර්ෂිකව සිදු කරන සත්ත්ව ඝාතන නතර කරන ලෙසට ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා නීතිඥ රනිල් සමරසූරිය මහතා පෙරේදා (21දා) හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ.කහඳගම මහතා හමුවට පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

මෙම පෙත්සමේ පාර්ශවකරුවන් වූයේ සත්ත්ව සුභ සාධක ක්‍රියාකාරින් වන ලලිනි සේරසිංහ පෙරේරා, අයිරාංගනී ද සිල්වා - ලොරේන් බිබිලේ යන මහත්මින් හා ගාමිණී රත්නායක මහතායි.වගඋත්තරකරුවන් වූයේ ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ භාරකරුවන් , පූජකවරුන් හා තේවාකරුවන් වන කාලි මුත්තු සිව පාද සුන්දරම් - එම්.කනගරත්නම් , මහේන්ද්‍රසාමි, සිවසුන්දරම් බාල සුන්දරම්, කුලන්දවේයි සිව කුමාරන් හා සත්ගාරම් යන හය දෙනායි.

නීතිඥ නිහාල් පී.සුමනධීර මහතාගේ උපදෙසින් හා නීතිඥ මාධව විජය ශ්‍රී වර්ධන මහතාගේ සහයෙන් මෙම පෙත්සම ඉදිරිපත් විය. මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මේ මස 24(අද) දින පැවැත්වීමට නියමිතය.


http://www.dinamina.lk/2011/08/24/_art.asp?fn=n1108245

No comments:

Post a Comment