Saturday, August 20, 2011

මෙවර යල කන්නයෙන් වී මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ 19 ක්‌ අපේක්‍ෂා කරයි

අකිත පෙරේරා

මෙවර යල කන්නයේ දී මෙටි්‍රක්‌ ටොන් දහනව ලක්‌ෂයකට (1,916,138) අධික වාර්තාගත වී අස්‌වැන්නක්‌ ලැබේ යෑයි අපේක්‍ෂා කළ හැකි බව හෙක්‌ටර් කොබ්බෑකඩුව පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

හෙක්‌ටයාර පන්ලක්‌ෂයකට අධික කුඹුරු ප්‍රමාණයක්‌ අස්‌වැද්දීම මීට ප්‍රධාන හේතුව බව පවසන එම ආයතනය එය මෑත කාලයේ දී වගාකරන ලද වැඩිම කුඹුරු ප්‍රමාණය බවද කියා සිටී.

මීට අමතරව පුරන් කුඹුරු අස්‌වැද්දීම, පොහොර සහනාධාරය හා උතුරු - නැගෙනහිර කුඹුරු අස්‌වැද්දීම ආදී හේතුද ඒ සඳහා ඉවහල් වූ බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ආචාර්ය එල්. පී. රූපසේන මහතා පැවසීය.



http://www.divaina.com/2011/08/19/news09.html

No comments:

Post a Comment