Saturday, August 20, 2011

Elephant Pass Saltern to be recommenced


යුද්ධය හේතුවෙන් නවතා තිබූ අලිමංකඩ ලුණු ලේවායේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ප්‍රමුඛත්වය දී ක්‍රියා කරන ලෙස උපදෙස් දී ඇතැයි එම අමාත්‍යාංශ ලේකම් වී. ශිවඥාාණසෝති මහතා ප්‍රකාශ කළේය.


අක්කර 1800ක භූමි ප්‍රමාණයක ඇති අලිමංකඩ ලුණු ලේවාය ආරම්භ කිරීමෙන් මෙට්ට්‍රික් ටොන් 70 – 80 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව ලුණු නිෂ්පාදනය කළ හැකි බවත් එය උතුරු ප්‍රදේශයේ ආර්ථිකය තව දුරටත් වැඩි දියුණු කිරීමට හොඳ අවස්ථාවක් බවත් ඒ මහතා කීය.


ලුණු ලේවාය ප්‍රදේශයේ තිබූ බිම්බෝම්බ ඉවත් කර නැවත යථා තත්වයට පත් කිරීමේ කටයුතු “ඩාස්” නැමැති යුද හමුදා ඉංජිනේරු අංශය විසින් සිදු කර තිබෙන බැවින් නැවත ආරම්භ කෙරෙන ලුණු ලේවාය ආශි‍්‍රතව රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවත් ලේකම්වරයා පැවැසීය.


1990 වසරේ සිට ලේවායේ නිෂ්පාදන කටයුතු ඇන හිට තිබීම හේතුවෙන් එහි සේවකයන් 4000කට අධික පිරිසකගේ රැකියා අහිමි වූ බවද ඔවුන්ට අවශ්‍ය වන්දි හා වැටුප් මේ වසර ආරම්භයේ දී රජය ලබා දුන් බව එම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.


ලිමංකඩ ප්‍රදේශයේ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීමෙන් පසුව පරන්තන් ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කෙරෙන බවද අලිමංකඩ සිට ලුණු ලේවාය දක්වා ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහාය අගය කරන බවත් ආණ්ඩුකාරවරයා කීවේය.


ඊ.පී.ඩී.පී. පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුරුගේසු චන්ද්‍ර කුමාර් මහතා ප්‍රමුඛ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


http://www.dinamina.lk/2011/08/19/_art.asp?fn=n11081915



President instructs to prioritize work at Elephant Pass saltern



President Mahinda Rajapaksa had instructed to prioritize the recommencement work of the Elephant Pass saltern at a request made by Traditional Industries and Small Enterprise Development Minister Douglas Devananda, said Ministry Secretary V Sivagnanasothy.


He said so at a function to mark the handing over to the ministry of the operational area of the saltern that extends over 1,800 acres after the completion of demining.


The secretary said that it was a happy occasion that the mega industry which once flourished in the North is coming back to life after a long period in a secured environment.


"Many employment opportunities will be open to young men and women.
"The demining of the area had been carried out by the Army Engineering unit DAS," he added.


He said that when Elephant Pass saltern production commences, it could harvest 70-80 metric tons per year which would further strengthen the economy of the North.
Northern Province Governor Major General G A Chandrasiri speaking at the occasion said the Elephant Pass saltern will get the support of the Northern Provincial Council.


Minister Devananda speaking at the occasion said that as the work at the Elephant Pass saltern was held up since 1990, a workforce of nearly 4,000 were subjected to severe difficulties. He said that he took steps to pay compensation and salaries due to them. With the commencement of this saltern, a large number of unemployed could be provided with jobs, he added.


Once the demining of the Elephant Pass area was completed, action would be taken to restart the Paranthan Chemical Industry, he said. He expressed gratitude to the Australian government for assisting the demining of Elephant Pass saltern area.


The minister also discussed with Kachchai North Fisheries Co-operative Society on prawn farming with private sector assistance. The prawn farm is to extend in over 13 acres. Rs three million income is expected benefitting 3,000 families, the minister explained.

http://www.dailynews.lk/2011/08/20/news41.asp

No comments:

Post a Comment