Wednesday, August 24, 2011

බස්‌නාහිර පළාතේ සැරසිලි සඳහා පොලිතින් තහනම් කෙරෙන ප්‍රඥප්තියක්‌

උදය ගම්මන්පිල පළාත් සභාවට ඉදිරිපත් කරයි

ඒ. ඡේ. ඒ. අබේනායක

බස්‌නාහිර පළාත තුළ සැරසිලි සඳහා හෝ වෙනත් ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් හෝ පොලිතින් වලින් තනන ලද පුවරු, බැනර, ධජ, පතාක හා හෝර්ඩින් ඇතුළු කිසිදු ද්‍රව්‍යයක්‌ භාවිත කිරීම තහනම් කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ ප්‍රඥප්තියක්‌ බස්‌නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන හා පරිසර කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ (23 වැනිදා) බස්‌නාහිර පළාත් සභාවට ඉදිරිපත් කළේය.

පොලිතින් පරිසරයට හානිකර නොවන පරිදි භාවිතය, පරිහරණය හා බැහැර කිරීමට සැලැස්‌වීමටත් ඒ හා බැඳුණු හා ඊට ආනුෂාංගික කරුණු සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්‌වීම පිණිසත් ඉදිරිපත් කළ පොලිතින් භාවිතය පාලනය කිරීමේ එම ප්‍රඥප්තිය සභාව හමුවේදී පළමුවර කියවීමෙන් අනතුරුව ප්‍රඥප්ති හා නීති කාරක සභාවට ඉදිරිපත් කිරීමට සභාව තීරණය කරන ලදී.


http://www.divaina.com/2011/08/24/news28.html

No comments:

Post a Comment