Monday, August 22, 2011

කොළඹ සංචාරක හෝටල් පරීක්‍ෂා කිරීමට පියවර

ජීවනී පතිරණ

කොළඹ නගරයේ විදේශිකයන් පැමිණෙන තරු හෝටල් සියල්ල පරීක්‍ෂාවට ලක් කිරීමට කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඉදිරි මාස 6ක කාලයක් අඛණ්ඩව මෙම සෝදිසි කිරීම් සිදු කෙරෙන අතර පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයේ සිට ආහාර පිළිගැන්වීම දක්වා වූ ක්‍රියාවලියේ දී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇත.

ඇතැම් හෝටල්වල සූපවේදීන් සත්‍ය තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති අතර ඇතැමුන් සුළු මුදලක් ගෙවා පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය වාර්තාව ලබා ගෙන ඇති බවද අනාවරණය වෙයි.මේ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කොට මෙම හෝටල් පරීක්ෂාවට ලක් කිරීමට ආහාර පරීක්ෂකවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරි දිනවල පියවර ගනු ඇත.


http://www.dinamina.lk/2011/08/22/_art.asp?fn=n11082213

No comments:

Post a Comment