Sunday, August 28, 2011

කළපු හා වැව් අසබඩ පාවෙන අවන්හල්

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මන්නාරම සිට

ශ්‍රී ලංකාවේ කළපු හා වැව් ආශ්‍රිතව පාවෙන අවන්හල් ඉදිකර සංචාරකයන්ට පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් නාවික හමුදාව විසින් ආරම්භ කොට තිබේ. මෙහි ප්‍රථම අවන්හල දැනටමත් දියවන්නා ඔය ආශ්‍රිතව ඉදිකරමින් පවතින බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත දීපව්‍යාප්තව මේ අවන්හල් ඉදිකිරීමට සැලසුම්කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා ‘දිනමිණ’ට ඊයේ (26) පැවසීය.

මේ අවන්හල් ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ජනප්‍රියත්වයට පත්වනු ඇති බවත් මෙමගින් සංචාරක කර්මාන්තයට නව මුහුණුවරක් ගනු ඇති බවත් නාවික හමුදාපතිවරයා සඳහන් කළේය. මේ ආකාරයේ සංවර්ධන ක්‍රියාදාම රැසකට නාවික හමුදාව මේ වනවිට ඉදිරිපත් වී ඇති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ සියල්ල සිදුකරන බවත් නාවික හමුදාපතිවරයා, වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.dinamina.lk/2011/08/27/_art.asp?fn=n1108277

No comments:

Post a Comment