හොරණ සමූහ සහ බුලත්සිංහල සමූහ
![]() ධර්මදාස අලගියවන්න මහතා වෙල්යාය නිරීක්ෂණය කරන අයුරු. ඡායාරූපය:- බුලත්සිංහල සමූහ |
මදුරාවල කුඩාගල වෙල්යායේ ගොවීහු මෙම යල කන්නයෙහි දේශීය වී වගාවෙන් සරු අස්වැන්නක් ලබා ගත් බව පවසති.
මේ ගැන අදහස් දැක්වූ මදුරාවල කලාපීය ගොවි සංවිධානයේ ලේකම් ධර්මසේන අලගියවන්න මහතා - මෙම ප්‍රදේශයේ වෙල්යායවල් කීපයක ගොවීන් දේශීය වී වර්ග වගා කරනවා. රත්දැල්, රත්කඳ, පංච පෙරුමාල් හීනටි (කළු සහ සුදු) මාවී වපුරනවා. සාර්ථක අස්වැන්නක් ද ලබා ගෙන තිබෙනවා.
දේශීය වී කිලෝවක් රු. 50 කට අලෙවි කරන්නට පුළුවන්. සහල් කි. 01 ක් රු. 100 කට දෙන්නට පුළුවන්. වෙළෙඳ සල්වල මෙම සහල් කිලෝව රු. 160 – 170 අතර මිලකට අලෙවි කරනවා.
අවශ්‍ය වී ප්‍රමාණය කල් ඇතුව දැනුම් දුන්නොත් අපට පහසුවෙන් ලබා දීමට පුළුවන්. දේශීය වී අපට සෑම අතින්ම ගැලපෙනවා. ගොවීන් උනන්දු කිරීමයි අවශ්‍ය වන්නේ.
http://www.dinamina.lk/2011/08/25/_art.asp?fn=r1108253
No comments:
Post a Comment