Monday, August 22, 2011

ආරක්‍ෂක අමාත්‍යාංශය ඩෙංගු මඩින්න එක් වෙයි

සුභාෂිනී සේනානායක

ඩෙංගු මර්දනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයත් පූර්ණ සහාය ලබාදීමට එකඟතාව පළකොට තිබේ.

ඔක්තෝබර් මාසයේ ආරම්භ වන ඊසාන දිග මෝසම් වර්ෂාව රට පුරා ක්‍රියාත්මක වීමත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාම වැළැක්වීමට මේ පියවර ගෙන තිබේ. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්පූර්ණ සහාය ලබාදීමට එකඟ වී ඇති අතර ඩෙංගු මර්දන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට පියවර ගෙන තිබේ. ලබන 26 දා ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ඩෙංගු මර්දන සාකච්ඡාවක් පැවැත්වෙන අතර රට පුරා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වේ.

ජනාධිපති ඩෙංගු මර්දන කාර්යසාධක බළකාය මේ වන විටත් විශාල වැඩ කොටසක් ඉටු කර ඇති අතර ආරක්‍ෂක අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ 11ක නිලධාරීහු මේ සඳහා එක්ව සිටිති.


http://www.dinamina.lk/2011/08/22/_art.asp?fn=n1108221

No comments:

Post a Comment