Monday, August 22, 2011

ආදිවාසීන්ටත් නව නිවාස

පණ්ඩුක සමරසේකර


රුපියල් ලක්‍ෂ අසූවක වියදමින් ආදිවාසී ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආදිවාසී ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) මහියංගනය දඹානේ වරිගසභා පිටියේදී පැවැත්විණි.

ඒ අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇතුළු ආදිවාසී ප්‍රාදේශීය නායකයන් පිරිසක් ද රැස්ව සිටියහ.මේ නිවාස යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර ලබන වසරේ ආරම්භ කෙරෙන අතර ඒ සඳහා ද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය එක්වන අතර එහි ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 180කි.


http://www.dinamina.lk/2011/08/22/_art.asp?fn=n1108224

No comments:

Post a Comment