Saturday, August 20, 2011

ඖෂධ නීතිගත සංස්‌ථාව ආනයනය කළ කෝටි 13 ක බෙහෙත් භාවිතයෙන් ඉවතට

ඒමන්ති මාරඹේ

2009 හා 2010 වසරවල රජයේ රෝහල් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් ආනයනය කරන ලද රුපියල් දහතුන් කෝටි පනස්‌එක්‌ ලක්‍ෂ දහනවදහස්‌ එකසිය හැත්තෑ හයක්‌ වටිනා බෙහෙත් තොගයක්‌ කල් ඉකුත් වීමෙන් භාවිතයෙන් ඉවත් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව පවසයි.

මේ යටතේ 2009 වසරේදී රුපියල් එකොලොස්‌ කෝටි අසූඅට ලක්‍ෂ විසිතුන් දහස්‌ හාරසිය අසූ පහක්‌ වටිනා බෙහෙත් තොගයක්‌ කල් ඉකුත් වී ඇති අතර 2010 වසරේදී එක්‌කෝටි හැටදෙලක්‍ෂ අනූපන්දහස්‌ හයසිය අනූ එකක්‌ වටිනා බෙහෙත් තොගයක්‌ කල් ඉකුත් වී තිබේ.

මෙසේ කල් ඉකුත් වූ ඇතැම් බෙහෙත් වර්ග වෛද්‍ය සැපයුම් අංශ හා ඖෂධ සංස්‌ථා ගබඩා තුළදීම භාවිතයට නොගැනීම නිසා කල් ඉකුත්ව ගොස්‌ ඇතැයි ඖෂධ සංස්‌ථා ආරංචි මාර්ග පවසයි.



http://www.divaina.com/2011/08/20/news06.html

No comments:

Post a Comment