Sunday, August 21, 2011

ළමා හිංසන වැඩිපුරම සිදුවන්නේ නිවෙස්‌ තුළ

තුෂාරී කළුබෝවිල

දරුවන් වැඩි පිරිසක්‌ හිංසනවලට ගොදුරුවන්නේ බාහිර සමාජයේදී නොව නිවස ඇතුළතදීම බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් ළමා පැමිණිලි උදෙසා විවෘත කර ඇති 1929 දුරකථනය ඔස්‌සේ ලැබෙන පැමිණිලිවලින් බහුතරයක්‌ ළමයින් විසින්ම ඉදිරිපත් කරන පැමිණිලි බව ඇමැතිවරයා කීවේය.

මෙවැනි හිංසන හා ඒවායින් ආරක්‍ෂා වන ආකාරය පිළිබඳව දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් වෙනම රැස්‌කර පුළුල් වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී විය යුතු ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් අසරණ දරුවන්ගේ ජීවිත අඳුරු අගාධයකට වැටෙන බවත්, දරුවන්ට අමතරව දරුවන් රැක ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් හා පිරිමින් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

ළමා හිංසන සිදුකරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.


http://www.divaina.com/2011/08/21/news05.html

No comments:

Post a Comment