Sunday, August 21, 2011

Elephant Census: Update 21 August (2 items)


අලි ප්‍රතිඵල ලබන සතියේ
- ඇමැති එස්. එම්. චන්ද්‍රසේන

මෙරට ප්‍රථම අලි සංගණනයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට හැකි බවත්, ලංකාවේ අලි වැඩි වුවත් අඩු වුණත් මේ සංගණනයේ ප්‍රතිඵල අනුව අලි මිනිස් ගැටුමට ස්ථිර දිගු කාලීන තිරසාර විසඳුමක් සකස් කරන බවත් වනජීවි හා ගොවිජන සේවා ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එක්ව මේ දිනවල අලි සංගණනයේ ලැබුණු දත්ත සමීක්ෂණය කරන බවත් පැවසු ඇමැතිවරයා සංගණනයේ ප්‍රතිඵල නිකුත් කරන්නේ විද්‍යාත්මක ගවේෂණයකින් පසුව බව ද පැවැසීය.

අලි සංගණනයේ වැදගත්කම පිළිබඳව මහා සඟරුවන රටේ වියත්හු අදහස් පළ කළහ. සමහර සංවිධාන අලි සංගණනයට විරුද්ධ හා බාධා ලෙස හැසුරුණු බව පෙන්වා දුන් චන්ද්‍රසේන මහතා ඒ සංවිධාන තිබෙන බව දන්නේත් මේ අලි සංගණනය ආරම්භ කළ වේලාවේ බව ද ඒ සංවිධානවල කිසිම පුද්ගලයෙක් අලි සුරැකීම පිළිබඳව තමා සමඟ කිසිම සාකච්ඡාවක් පවත්වා නැති බව ද පැවැසීය.


http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=aa1108213


අලි ජරමර මැද අලි සංගණනය අවසන්




මින්නේරියේදී අලි රැලක් මාධ්‍ය ආයතනයක වාහනයකට දෙද්දී


මෙරට දීප ව්‍යාප්ත ප්‍රථම අලි සංගණනය පසුගිය 11 සිට 13 දක්වා සිදුවිය. එය ස්ථාන 1500 කදී පමණ වනජීවී හා හමුදා නිලධාරීන් 4500 පමණ කගේ සහභාගිත්වයෙන් අවසන් විය. මේ ඒ පිළිබඳ සටහනකි.

අලි මිනිස් ගැටුම් අවම කිරීමට සැලසුම් හදන විට සංඛ්‍යාව පිළිබඳව නිවැරැදි සංඛ්‍යා ලේඛන අත්‍යවශ්‍ය වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටට සාමය ලැබීමෙන් පසු මේ දීප ව්‍යාප්ත වල් අලි සංගණනය කිරීමට වැඩ පිළිවෙළ සැකසුණු බව නව වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා පවසයි.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ වනජීවී හා ගොවි ජන සේවා ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසුවේ අලින්ගේ සංරක්ෂණය සඳහා මෙන් ම ඉදිරි වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා මෙම සංගණනය අත්‍යවශ්‍ය බවයි.



Read full article: http://www.silumina.lk/2011/08/21/_art.asp?fn=af1108211

No comments:

Post a Comment