Sunday, August 21, 2011

පාඩු ලබන රාජ්‍ය ආයතන නගාසිටුවන්න නව සංස්‌ථාවක්‌

ප්‍රභාත් විතාන

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්‌ථාව නමින් නව ආයතනයක්‌ පිහිටුවා ඇත. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය පසුගිය ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව පාඩු ලබන ඕනෑම රාජ්‍ය ආයතනයක්‌ ඉදිරියේදී රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්‌ථාවට පවරා ගැනීමේ බලය තිබෙන රාජ්‍ය සම්පත් හා ව්‍යවසාස සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය. දැනට පාඩු ලබන රාජ්‍ය ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කිරීම මෙම ආයතනයේ මූලික අරමුණ බවත් තිසේරා මහතා කීය. මේ වන විට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආයතන 23 ක්‌ පවතින අතර එයින් පාඩු ලබන ආයතන 21 ක්‌ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්‌ථාවට පවරා ඇති අතර මින් කිහිපයක්‌ වසා දැමීමට කටයුතු කරමින් තිබෙන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්‌ථාව සභාපති ලෙස රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලෙක්‌ම් කටයුතු කරන අතර අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සාමජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2011/08/21/news09.html

No comments:

Post a Comment