Saturday, August 20, 2011

පාරිභෝගික අධිකාරි පනත කැඩූ සුපිරි වෙළෙඳසල් 19ක් කොටුකර ගනී

පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ සුපිරි වෙළෙඳසල් 19ක් වැටලීමට අධිකාරියේ වැටලීම් ඒකකය සමත් වෙයි. කොළඹ හා අවට සුපිරි වෙළෙඳසල් මෙසේ නීතියේ රැහැනට හසුකර ගෙන ඇත.


මෙම වෙළෙඳ සල් වලට එරෙහි චෝදනාවන් වන්නේ කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම - නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය රහිතව භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ අංකය, මිළ බර සඳහන් නොකළ භාණ්ඩ අලෙවි කිරීම නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීමයි.

මෙසේ වැරැදි කළ සුපිරි වෙළෙඳ සල්වලට ඒ ඒ ප්‍රදේශවල අධිකරණ නඩු පැවරීමට පියවර ගනු ඇත. සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ඊයේ (19) වැටලීම සිදුකර තිබේ.

http://www.dinamina.lk/2011/08/20/_art.asp?fn=n1108207

No comments:

Post a Comment