Tuesday, August 23, 2011

මදුරු කරදරේට අලුත් විසඳුමක්

සන්ධ්‍යා කරුණාරත්න
මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ස්වාභාවික ආලේපනයක් නිෂ්පාදනය කිරීමට (Natural Products) ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය කටයුතු කරයි.

කොහොඹ, කරාබු නැටි, ගඳපාන, මදුරුතලා, සුදුළූණු යනාදී ස්වාභාවික ඖෂධ සාරයෙන් යුත් ආලේපන නිෂ්පාදනය කිරීම සඳහා මූලික පර්යේෂණ මේ වන විටත් සිදු කරන බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශය එක්ව මේ පරීක්ෂණ කටයුතු මෙහෙය වීම සිදුකරයි.

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා පැඟිරි තෙල් ස්වාභාවික ආලේපනයක් ලෙස යොදා ගැනීම සිදුකෙරේ.

එලෙස ශරීරයට හානිදායක නොවන ස්වාභාවික ආලේපනයක් නිෂ්පාදනය කිරීම මේ පර්යේෂණවල අරමුණ වන බව වෛද්‍ය සමරනායක මහතා ප්‍රකාශ කරයි.

මදුරු කොයිල් භාවිතය නිසා පුද්ගලයන්ට විවිධ අතුරු ආබාධ වැළඳෙන බවත්, මදුරු කොයිල් බොහෝ කාලයක් භාවිතය නිසා මදුරුවන් එයට හැඩගැසෙන බවත් පැවැසූ වෛද්‍යවරයා ඊට විකල්පයක් ලෙස මේ ස්වාභාවික ආලේපන නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවත් කීය.


http://www.dinamina.lk/2011/08/23/_art.asp?fn=n11082316

No comments:

Post a Comment