Monday, August 22, 2011

ත්‍රිත්ව එන්නතක්‌ රජයෙන් නොමිලේ

චමින්ද සිල්වා - ඒමන්ති මාරඹේ

සරම්ප, රුබෙල්ලා සහ කම්මුල්ගාය යන රෝග තුන සඳහා නොමිලයේ එක්‌ එන්නතක්‌ ලබන මස 01 වැනිදා සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම්. එම්. ආර්. ලෙස අලුතෙන් හඳුන්වාදෙන නව එන්නත සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන යටතේ නොමිලේ ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට ඊයේ (21 වැනිදා) උපදෙස්‌ දී ඇත.

මීට පෙර සරම්ප සහ රුබෙල්ලා සඳහා නොමිලේ එන්නතක්‌ ලබාදෙනු ලැබුවත් රෝග තුන සඳහාම එන්නතක්‌ නොමිලයේ ලබාදෙන්නේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක්‌ අනුව "ගැවී" නමැති සංවිධානයෙන් අවශ්‍ය තරම් එන්නත් ලබාදීමට එකඟවීම නිසා බව ද අමාත්‍යාංශ නිලධාරියෙක්‌ පැවැසීය. මෙම එන්නත පෞද්ගලික ආයතනයකින් ලබාගතහොත් රුපියල් 1200 ක්‌ පමණ වන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2011/08/22/news08.html

No comments:

Post a Comment